ප්‍රධාන බන්ධනාගාර සහ රීමාන්ඩ් බන්ධනාගාර තුළ සිදුකරන හදිසි සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ට එරෙහිව ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි සන්තකයේ තබාගෙන සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් එම සාක්ෂි ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙහෙයුමක් දියත්ව පවතී.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (22) දවස පුරා සංකේත සත්‍යග්‍රහයක් හා විරෝධතා බැනරයක් අත්සන් කිරීමක් සිදුවේ. ඒ උසස් අධ්‍යාපනය තුළ සිදු කරන ශිෂ්‍ය කප්පාදුව නවතා සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් ප්‍රමාණය ඉහල දමන ලෙස බල කරමිනි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) ගොස් අැත.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us