දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගොනුකළ ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. අදාළ ඇප අයදුම්පත අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මෙම නියෝගය නිකුත් කළේය.
දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු වන ඩී.වී. උපුල් මහතා අපරාධ විමර්ශන ඒකකය වෙත අද(08) කැඳවා තිබේ.
2010 වසරේ සිට ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් බැංකුගත කිරීම මහින්ද රාජපක්ෂ අාණ්ඩුව හිතාමතාම මගහැරිය බවත් මේ දක්වා පැහැර හැරි අර්ථසාධක මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා අැති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය ජය ගැනීමෙන් පසුව පිහිටුවනු ලබන අලුත් සන්ධාන ආණ්ඩුවේ අගමැතිධුරය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතාට ලබාගැනීම සඳහා කුමන්ත්රණකාරී මෙහෙයුමක් මහින්ද රාජපක්ෂට වඩා හිතවත් කණ්ඩායමක් විසින් දියත් කර තිබෙන බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
විස්ස ගැන අවසන් තීන්දුවක් ගන්න විශේෂ කැබිනට් රැස්වීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ කැඳවා තිබේ.
'පුදුම දොස්තර' සැත්කම් නවත්වයි- කරාපිටියේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක
විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් කරාපිටිය මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ. මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙනි.ලංකාවේ පළමු වරට සිදුකල විශ්මිත සැත්කම් කිහිපයක් මේ වෛද්‍යවරයා විසින් සිදු කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.