අප්‍රේල් විරු සමරු උත්සව කිහිපයකට සහභාගි වීමට විදෙස් ගත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) දිවයිනට පැමිණි පසු ජවිපෙන් ඉවත් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යළි පක්ෂයට එකතු කර ගැනීම පිළිබඳ සාකච්ඡා පුළුල් මට්ටමකට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා මිනිස්‌ ඝාතන 27 ක්‌ සිදුවී ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

දේශපාලන වශයෙන් ගත් තීන්දු තීරණ හැරෙන්නට තමා වංචාවක්‌ හෝ දූෂණයක්‌ සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජු දායකත්වයක් දක්වා ඇති බවට සාක්‍ෂි අනාවරණය වී නැතැයි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව නිගමනය කොට තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇත. 

පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කොළඹ නිවස්නය හා දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස භාවිතා කිරීමට සැලසුම් කර තිබු පීකොක් මන්දිරය ඔහුට නොලැබෙන බව එහි හිමිකරු ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් යුක්‍රේනයේ කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට යුක්‍රේන රාජ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලැබු පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් හා රජයේ නියෝජිතයන් කිහිප දෙනෙකු නුදුරේම යුක්‍රේනය බලා යාමට නියමිතය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us