කුඩා තේවතු හිමියන් විසින් නිපදවන අමු තේ දලු කිලෝවක් සදහා රු 80 ක සහතික මිල ක්‍රමයක් පවත්වා ගෙන යාමට සහ කුඩා රබර්වතු හිමියන් විසින් නිෂ්පාදනය කරන ස්වභාවික රබර් සදහා සහතික මිලක් ලබාදීම යන කාරණා සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

බුද්ධසාසන හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැතිධුරයෙන් තිස්ස කරලියැද්ද මහතා ඉලා අස්වූයේ ඇමැතිකම පොඩි වැඩි වීමෙන් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද(03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පරිපාලකයින්ට, කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අඛණ්ඩව අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාවට උපදෙස් දී ඇත.ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උතුර පළාත් සභාවට පූර්ණ බලතල ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිස සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා ඇමැතිවරයට ලබා දී ඇතැයි වාර්තාවේ.

සමෘද්ධි සහනාධාරය උපරිම සියයට දෙසීය (200%) දක්‌වා වැඩි කිරීම ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මහරගම විපස්සනාරාමයට අලි පොත (අලි ලියාපදිංචි කිරීමේ රාජ්‍ය ලේඛනය) ගෙන ගොස් එහි තොරතුරු වෙනස් කිරීමට අලි රොෂාන්ට සහාය වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us