මෙරට මී උණ රෝගය පැතිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේය.

ශ්රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන බව අරුණ පුවත්පත සඳහන් කරයි.

“උරුමය’’ වැඩසටහන යටතේ මේ වසර අවසානය වනවිටදී සින්නක්කර ඔප්පු 50,000ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද, මෙතෙක් නිකුත් කර ඇත්තේ ඔප්පු 21,000ක් පමණක් බව අනාවරණය වේ.

ජනාධිපතිවරණය අවසන් වෙත්ම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අස්වැසුම දෙවන වටයේ සංගණන කටයුතු දැනට මාස දෙකක සිට නතර වී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්ධන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

ld add copy

Connet With Us