එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.
මහින්දගේ කුරුණෑගල රැළිය සංවිධානයට මෛත්‍රීගේ ඇමැතිවරුත්.
කිරුළපන එක්සත් මැයි රැළියට සහභාගිවූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ (audio)
කිරුළපන, ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් මැයි රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබේ.
මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධ නඩුව ලබන 18දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.
අභය භූමි 4ක් ජාතික වනෝද්‍යාන කිරීමට ගැසට් පත්‍රයක් ගේනවා
අභය භූමි හතරක් ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස නම් කිරීමට ගැසට් පත්‍රයක් ගෙන එන බව ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
සාධාරණ සමාජයක් උදෙසා තුන්වන ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍යයි-මංගල(audio)
සාධාරණ සමාජයක් ඇතිකිරීමට නම් තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ආණ්ඩුව පවසයි. කොළඹදී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ විධායක බලතල අහෝසි කිරීම මගින් රටේ පවතින සියලූ ගැටලූ විසඳ ගත නොහැකි බවයි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනා මේ මස 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ ඔවුන්ව අද (07) යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා නියාමක තනතුරු 200ක් සදහා පත්වීම් ලිපි ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පිරිනැමුණි.