නෙදර්ලන්තය පරදා ආජන්ටිනාව අවසන් සටනට

Published in ක්‍රීඩා
Thursday, 10 July 2014 12:30

වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ආජන්ටිනාව අද අලූයම සමත් විය.  ඒ, අවසන් පූර්ව තරගයේදී වත්මන් අනුශුරයින් වන නෙදර්ලන්තය පරාජය කරමිනි.




දෙපිලම නියමිත කාලයේදී සහ අතිරේක කාලයේදී ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් තරගයේ ජයග‍්‍රහකයින් දඬුවම් පහර මගින් තීරණය කෙරින. 

 එහිදී ගෝල 4ට 2ක් ලෙස ජයගත් ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. 



ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි 5වන අවස්ථාව මෙයයි. 


ආජන්ටිනා දැල් රකින්නා වන සර්ජියෝ රොමේරෝගේ දක්ෂ පන්දු රැකීම මෙම තරගයේදී කාගේත් අවධානයට ලක්විය. 


නෙදර්ලන්තය එල්ල කළ දඬුවම් පහර 2ක් දක්ෂ ලෙස ඔහු වළක්වනු ලැබුවේ ආජන්ටිනාවට අවසන් මහා තරගයේ දොරටු විවර කර දෙමිනි.


 නායක ලයනල් මෙසී, ගැරේ, අගිව්රෝ සහ රොද්‍රිගොස් ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම්  පහර සාර්ථක කරගත් අතර,  ඒ අනුව ආජන්ටිනාව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජර්මනියට එරෙහිව තරග වදිනු ඇත. 


අවසන් පූර්ව තරගවලින් පරාජයට පත් වූ නෙදර්ලන්තය සහ බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ලබන සෙනසුරාදා තරග වැදීමට නියමිතය. 

Last modified on Thursday, 10 July 2014 12:46

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us