'පට්‌ට ගණන් ' ලයිට්‌ බිල 'සුටුස්‌ ගා' අඩුවෙයි

Published in ක්‍රීඩා
Friday, 11 July 2014 13:30

දිවා/රාත්‍රී තරගයක්‌ පැවැත්වීමේදී ඒ සඳහා දිනකට මිලියන 19 ක මුදලක්‌ හෙවත් රුපියල් ලක්‍ෂ 190 ක මුදලක්‌ වැය වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටියද සත්‍ය වශයෙන්ම ඒ සඳහා වැය වනු ලබන්නේ ඊට හාත්පසින්ම අඩු මුදලක්‌ බව වාර්තා වෙයි.

පරාජයට පත්වූ පළමු තරගයට විදුලි ආලෝකය ලබා නොගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට්‌ බලධාරීන්ට සෘජුවම ඇගිල්ල දිගු වූ බැවින් ඒ අනුව හම්බන්තොට තරගය සඳහා විදුලි අවශ්‍ය වුවහොත් විදුලි ආලෝකය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් වූ විධායක කමිටුවේ අවසර ගැනීම වෙනුවෙන් ක්‍රිකට්‌ ආයතන බලධාරීන් විසින් යොමු කරන ලද ලියකියවිලිවලට අනුව පෙර සඳහන් කරන ලද පරස්‌පර විරෝධී මිලගණන් දැක්‌වීම පිළිබඳව කරුණු හෙළිදරව් විය.

දිවා/රාත්‍රී තරගයක්‌ පැවැත්වීමේදී මිලියන 19 ක මුදලක්‌ වැය වෙනු ඇතැයි සඳහන් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙහෙයුම් අධ්‍යක්‍ෂක කාල්ටන් බර්නාඩස්‌ විසින්ම අදාළ විදුලිය ලබා ගැනීම වෙනුවෙන් වූ වාර්තාව විධායක කමිටු අවසරය සඳහා යොමු කර තිබෙන අතර එහිදී මිලියන 19 ක මුදලක්‌ කෙසේ වෙතත් තරගය සඳහා විදුලි ආලෝකය යොදාගත හොත් පමණක්‌ රුපියල් මිලියන එකහමාරක්‌ හෙවත් රුපියල් ලක්‍ෂ 15 ක්‌ මුදලක්‌ වැය වෙන බව සඳහන් කර තිබේ.

දිවා තරගයක්‌ බැවින් මෙම තරගයට විදුලි ආලෝකය ලබා ගැනීමේ අවශ්‍යතාව නොමැති වුවහොත් විදුලි උත්පාදක ජනක යන්ත්‍ර හම්බන්තොටට රැගෙන යැම සඳහා වැය වන ලක්‍ෂ තුනහමාරක (3 1/2) මුදල පමණක්‌ ගෙවීමට සිදුවන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

පැය 4 ක කාලයක්‌ සඳහා ලක්‍ෂ එකොළහමාරක (මුලු මුදල වූ ලක්‍ෂ 15 න් ප්‍රවාහන ගාස්‌තු අඩු වන ලක්‍ෂ 3 1/2 අඩුකළ පසු) මුදලක්‌ වැය වන අතර එය පැය 8 ක කාලයක්‌ වුවහොත් උපරිමය ලක්‍ෂ 25 ක තරම් මුදලක්‌ නොවන්නේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි විධායක කමිටු සාමාජිකයෙක්‌, මෙරටට පැමිණි විදෙස්‌ කණ්‌ඩායමක්‌ සහ රාජ්‍ය සේවා කණ්‌ඩායමක්‌ අතර දිවා/රාත්‍රී තරගයක්‌ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෑත දිනකදී පැවැත්වූ අතර ඒ සඳහා ගෙවීමට සිදුවූයේ රුපියල් ලක්‍ෂ 11 ක මුදලක්‌ වන බව පැවැසීය.

මෙම තත්ත්වයට අනුව මෙහෙයුම් අධ්‍යක්‍ෂකවරයා ඉදිරිපත් කළ පළමු වැය ඇස්‌තමේන්තුව පරිදි අතිරේක ලක්‍ෂ 179 ක මුදල කාගේ පොකැට්‌ටුවට දැමිය යුතුද යන්න ඔහුගෙන්ම විමසිය යුතු බවද වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විධායක කමිටු සාමාජිකයා උපහාසයෙන් සඳහන් කර සිටියේය.

පළමු තරගය සඳහා විදුලිය ලබා නොගැනීම සම්බන්ධව විධායක කමිටුවෙන් කිසිදු විමසීමක්‌ කර නොමැති බවත්, අදාළ තීරණය මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා සහ ක්‍රිකට්‌ ආයතනයේ ඉහළම තනතුරක්‌ දරන අයෙකු එකතුව හිතුමනාපයට එම තීරණය ගෙන තිබෙන බවත් සඳහන් කර සිටි විධායක කමිටු සාමාජිකයා, එම තත්ත්වය මත මේ වන විට විධායක කමිටු සාමාජිකයන්ද දැඩි කණස්‌සල්ලට පත්වී තිබෙන බවද සඳහන් කර සිටියේය.

සත්කාරක කණ්‌ඩායමේ වාසියට යෑයි හුවා දක්‌වමින් විදුලි ආලෝකය ලබා ගැනීමට පියවර නොයෙදීම පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලකුණු 75ක පරාජයක්‌ හිමිවීම උදෙසා විශේෂයෙන් බලපෑ කාරණයක්‌ බවට පත්විය.

(දිවයින)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us