තලතා, වොලිබෝල් ගැහිල්ලට කැමැති නැතිලු

Published in ක්‍රීඩා
Wednesday, 08 April 2015 15:21

ශ්‍රී ලංකාවේ පැවත්වෙන ජාතික මට්ටමේ ප්‍රබල ම වොලිබෝල් තරගාවලියක් වන තරුණ සේවා සහ රූපවාහිනි වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් කාන්තා අංශයේ සූරතාව මෙවර නිතරගයෙන් ම ගුවන් හමුදා කණ්ඩායමට හිමි වන තත්ත්වයක් තිබෙන බව වොලිබෝල් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සුපිරිම කණ්ඩායම් තරග වදින මෙම තරග අංශයේදී ගුවන් හමුදාව සමඟ අවසන් තරගයට පිවිස සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යංශ කණ්ඩායම නව රජය පත්වීමත් සමඟ කිසිදු පුහුණුවීමක් කර නොමැති අතර ඔවුන් කණ්ඩායමක් හැටියට විසුරුවාලමින් තැන තැන සේවයේ යොදවා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පිළි ගැනෙන වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ වැඩිම ක්‍රීඩිකා පිරිසක් සිටි කණ්ඩායම වන විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මේ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍යවරියට කරුණු දැක්වීමට අවස්ථා කිහිපයකදී ම උත්සාහ කර ඇතත්, එහි සිටින නිලධාරීන් විසින් ඒ සඳහා අවස්ථාවක් ලබා දී නැතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරෙරාගේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායමට රටේ විසිර සිටි දක්ෂතම ක්‍රීඩිකාවන් බඳවා ගත් අතර ඔවුන් පසුගිය කාලයේ ජාතික මට්ටමේ සෑම සූරතාවක් ම පාහේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දිනා දීමට කටයුතු කර ඇත. මේ වන විට හිටපු අමාත්‍යවරයා සමඟ දේශපාලනමය වශයෙන් විරුද්ධමත දරූ උදවිය වත්මන් අමාත්‍යවරියට රටේ ජාතික ක්‍රීඩාවේ විශිෂ්ටත ම ක්‍රීඩිකාවන් සිටින වොලිබෝල් කණ්ඩායම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය වසන් කරමින් මේ ක්‍රීඩිකාවන් සහ ජාතික ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පැවරී ඇති වගකීම වසන් කරමින් කටයුතු කරමින් සිටින බවක් දැකිය හැකි ය.

ක්‍රීඩාවේ සහ මේ ක්‍රීඩිකාවන් ගේ ඉරණම පමණක් අභියෝගයට ලක්ව ඇති අතර හිටපු අමාත්‍යවරයා ද මේ වන විට මෙම ආණ්ඩුවේ අමාත්‍ය ධූරයකට පත්ව සිටියි. වොලිබෝල් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයකු වන සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතාගේ බිරිය වන වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍ය ධූරයකට පත්ව සිටින පවිත්‍රාදේවී වන්නිආරච්චි යනු තලතා අතුකෝරල අමාත්‍යවරියගේ පෞද්ගලික ජීවිතයේ සමීපත ම මිතුරියක වන අතර ඒ මට්ටමෙන් හෝ මේ ක්‍රීඩිකාවන් ගැන හෝ මේ ක්‍රීඩිකාවන් රටේ ජාතික ක්‍රීඩාවට කෙතරම් වැදගත් පිරිසක්ද යන්න පිළිබදව සාකච්ඡාවට බදුන් වී නැති වීම කනගාටුවට කරුණකි.

රූපවාහිනීතරගාවලියේ අවසාන තරග ලබන 11 වැනි දා මහරගම තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිත අතර මෙහි සුපර් ලීග් අංශයේ පිරිමි සූරතාව සඳහා නාවික හමුදාව සහ ගුවන්හමුදාව තරග වදියි. රූපවාහිනී අභියෝග සූරතාව සඳහා වන තරගාවලියේ පිරිමි අංහයේ අවසන් තරගයට රුවන්වැල්ල රාජසිංහ මධය මහා විද්‍යාලීය යෞවන සමාජ කණ්ඩායම සහ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලීය ක්‍රීඩා සමාජ කණ්ඩායම තරග වැදීමට නියමිත ය. එහි කාන්තා අංශයේ අවසාන තරගයේදී මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලීය යෞවන සමාජ කණ්ඩායම තරග වැදීමට නියමිත ය.


colombopost

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us