මහේල 'සියල්ලෙන් සපිරි' ක්‍රීඩකයා

Published in ක්‍රීඩා
Monday, 04 August 2014 09:40

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන, එළඹෙන පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතය.

මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද දැඩි අවධානයෙන් පසුවේ.

මහේලගේ එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් පුහුණුකරුවෝ විවිධ ආකාරයේ අදහස් දැක් වුහ.

මහේල ජයවර්ධන දක්ෂතා සියල්ලෙන් සපිරුණු පරිපුරිණ ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.


විශ්වාසය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කරන රංගන හේරත් පැවසුවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ සිටි විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන්ගෙන් එක් අයෙක් බවයි.

මහේලගේ හිඩැස පිරවීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලහිරු තිරිමාන්න පැවසුවේය.

මහේල ක්‍රීඩා කරන එස් එස් සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අදහස් දක්වමින් මහේල ටෙස්ට් ක්‍රීඩාවෙන් නික්ම යාම තරුණ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් අහිමි වීමක් ලෙස හඳුන්වයි.


විශිෂ්ටයි

ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක පවසන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිති කරුවන් කිහිප දෙනාගෙන් මහේල එක් අයකු බවයි.

මහේල මෙතරම් ඉක්මනින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවසුවේය.

තරුණ ක්‍රීඩකයෙකු වන කෞෂල් සිල්වා පැවසුවේ මහේලගේ අඩුව පිරවීම අපහසු වුවත් ඒ පිළිබඳ පසුතැවී නොසිට කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉදිරියට යා යුතු බවයි.

(බිබිසි සංදේශය)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us