එ.ජා.ප. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනි චිත්‍රා ශ්‍රීමති මන්තිලක මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

අද මහනුවර පිහිටි ජනාධිපති මන්දියරට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පිටවෙනවා.

දැන් ඉතිං දුක්බර මුහුණු විකසිත මුහුණ දැක ගන්න පුළුවන් ඒත් නංගියේ මල්ලියේ result අවුල් වුනා කියලා හිත නම් කඩා ගන්න එපා .

දිවයින පුරා දිගටම පවතින ධාරානිපාත වර්ෂාව නිසා හටගත් ජල ගැලීම් හා නායයැම්වලින් පුද්ගලයන් දහහතර දෙනකු මියගොස්‌ තවත් දොළොස්‌ දෙනකු අතුරුදන් වී ඇත. විපතට පත්වූ පිරිස හයලක්‌ෂ හැටනවදහස්‌ පන්සියයක්‌ පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

පොලිසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්‌ව අතුරුදන් වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ (21 දා) ක්‍රියාත්මක කර තිබුණි.

ජාතික හෙළ උරුමය සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හෙළ උරුමය කළ අභියෝගය උදය ගම්මන්පිල මහතා බාර ගැනීමත් සමග එම විවාදය ලබන සඳුදා (29දා) පස්‌වරු 9.30ට ටී.එන්.එල්. රූපවාහිනී නාළිකාව තුළිත් පැවැත්වීමට එම රූපවාහිනි නාළිකාව කැමැත්ත පළ කර තිබේ.

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් වැළකී සාධාරණ හා සාමකාමී මැතිවරණයක්‌ පවත්වා රටේ ගෞරවය රැක ගැනීමට කැප වෙන්නැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු රජයෙන් සහ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිති.

ව්‍යාජ අත්සන් යොදා ලිපිලේඛන සැකසූ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකව අපායේ යවලා විමල් වීරවංශ කුණු බක්කියේ ඔබන බව පා.ම. අජිත් පී පෙරේරා මහතා අද දින බේරුවල පැවති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබු රැලියට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනවාරි 08 වෙනිදාට නියමිත ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක්  පවත්වන මෙන් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජන රජයේ වර්ථමාන මැතිවරණ කොමසාරිස් තුමාට බළකරමින් ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට 2014 දෙසැම්බර් මස 23 වෙනි අගහරුවාදා සවස 03 ට  සාමකාමි උද්ඝෝෂනයක් පැවැත්විය. 

 

ld add copy

Connet With Us