බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ සහ උතුරු කොටසේවැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් දඅපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ද නතර කිරීමට සිදුව තිබේ.

මහනුවර නගරයේ විලියම් ගොපල්ලව මාවතේදී අද අලූයම සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත.

විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක්‌ නැවත වරක්‌ ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය. 

සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.

හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ.

ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඊයේ (07 දා) සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් අතර, එම අවස්ථාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.  

 

ld add copy

Connet With Us