විදේශිකයකු වූ එල්ෆින්ස්‌ටන් සාමිවරයා නමින් මෙතෙක්‌ නම් කොට තිබෙන කොළඹ එල්ෆින්ස්‌ටන් රංගශාලාව නව ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් පසුව ගාමිණී ෆොන්සේකා අනුස්‌මරණ රංග ශාලාව ලෙස නම් කිරීමට නියමිත බව සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවසීය.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් භාර ක්‍රීඩා සංගම් වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

ඌව පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු දිවුරුම් දීම අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි. 

ඌව පළාත් සභාවේ නව සභා වාරය ලබන 09වෙ‍නිදා ආරම්භ කිරීමට නියමිත අතර මහ ඇමතිවරයා හැර ඇමතිමණ්ඩලය දිව්රුම් නොදී සභා වාරය ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඇමති මණ්ඩලය පත් කිරීම පිළිබඳව ඇතිවී තිබෙන බරපතල ගැටුම් මේ දක්වා නිරාකරණය නොවීම නිසා මෙම තත්වය උද්ගතවී ඇත.

බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය පැවැත්වීමට ප්‍රථම සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් කළ යුතුව තිබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා 'බීබීසී සංදේශයට' පැවසීය.

Facebook සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන්ගෙන් මාසිකව ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කළ බවට ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි පළ කර තිබූ පුවත අසත්‍යයක් බව Facebook සමාගම පවසයි.

ආදායම් බදු නිසිලෙස ගෙවන ශ‍්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත වාහන පහසුකම් ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.

 

ld add copy

Connet With Us