එල්.ටී.ටී.ඊ. සම්බාධක අභියෝගයට ලක්කළ තීන්දුවට එරෙහි අභියාචනයක්
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට යුරෝපානු සංගම් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අතරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම සහ එම සංවිධානයට ලැබෙන ආධාර මුදල් අත්හිටුවීම යන කරුණු ඇතුළත්ව ඇති බව සඳහන්ය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණය වැඩිම ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවිය හැකි මැතිවරණය විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ‘‘ඒකාධිපති වියරුව පරදවමු’’ මැයෙන් නුගේගොඩ නගරයේ ඊයේ (01) පැවති ජනරැළියක් අමතමින් එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය කුමන අපේක්ෂකයා හට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් තීන්දුව අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය.