සජිත්ට සුබ අසුබ කියා දෙයි - ජනපතිගෙන් කෙලින් උත්තරයක්
පාර්ලිමේන්තු සභාවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල පැනයක් හමුවේ ජනාධිපතිවරයා එම පැනයට පිළිතුරක් ඉදිරිපත් කර තිබේ.
කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ.
විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසා සිටියි.
ඉදිරියේ දී වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරාගත හැකියි
ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව ජනපතිගේ සම්පුර්ණ ප්‍රකාශය !
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
මහනුවර අධිකරණයේ බෝම්බ බියක් ! ජනතාව ඉවත් කරමින් සෝදිසි මෙහෙයුම්
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා වෙනස් කිරීමට හා සේවා ගැටලුවලට විසදුම් ලබාදීමට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පොරොන්දු වූ බව එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.