පක්ෂ නායකයින් දස දෙනෙක් පක්ෂ නායක රැස්වීම වර්ජනය කරයි !
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.
පාස්කු ප්‍රහාරයට ලංකාවේ දේශපාලන පක්ෂවල සම්බන්ධයක් නෑ - අගරදගුරු
තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.
දින 11ක් තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක්!
උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.
මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගනී !
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබේනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කර තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ !
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (19) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය.
ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාව මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇති බව සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක ප්‍රකාශ කර තිබේ.
එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථානවල පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබේ.