උත්සව සමයේ අකටයුතු වැඩ කෙරු බස් රථ 19ක් ගැන පරීක්ෂණ !
උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් ධාවනය කිරීම හා වැඩිපුර මුදල් ලබාගැනීමේ චෝදනාව මත අන්තර් පළාත් පෞද්ගලික බස් රථ දහනවයක් ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා ඊයේ (18දා) ප්‍රකාශ කර තිබේ.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත් වීමට නියමිතයි .
පසුගියදා තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහකට අයත් නායකයන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි වාර්ථාවේ.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ දී භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් ඒකකයක් පිහිටුවීම ගැන වහාම සොයා බලා කටයුතු කළේ.” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ගමට සෙක්කුවක් තිබුණාම තෙල් ප්රශ්නය විසැඳෙනවාද? පොල් පැලත් නැතිකොට
පොල් මිල ඉහළ යාමත් සමග බොහෝ දෙනකු සිය ගෙවතුවල පොල්පැළ සිටුවීම නිසා පොල් පැළවලට ඇතිව තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් පොල් පැළ හිඟයක් ඇතිව තිබේ.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.