වසංගතයට මුවාවී කැත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මකයි...!
සමාජ ජාලා තුලින් කොරෝනා පිළිබඳව බොරු ප්‍රචාර සිදු කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්, දුරකථන ඔස්සේ (ඇමතුම්, කෙටි පණිවිඩ) එසේ කරන අයටද නීතිය ක්‍රියාත්මක වන බවත් රජය විසින් දැනුම් දී තිබේ.
කොරොනා වෛරසයෙන් බේරීමට රතන සූත්‍ර දේශානාවෙන් පුලුවන් බවට කහකඩධාරීන් විසින් බෞද්ධයන් තුල ගොඩනගා ඇති විශ්වාසය දැන් හොඳටම ඔඩු දුවා ඇත. පන්සලක් පන්සලක් ගානේ හන්දියක් හන්දිය ගානේ බෝ ගහක් ගහක් ගානේ ශබ්ධ විකාශන යන්ත්‍ර (Loudspeakers) බැඳ ගෙන නානා ප්‍රකාර පිරිත්, සුත්‍ර, බණ, වැදි බණ, සිංදු විකාශය කෙරෙමින් පවතී.
ජාතියේ ආරක්ෂාවට නායකයෙක් ඕනෑ කර තිබේ. කාලකණ්නි රාජපක්ෂලා යළි අසමත්ය.
කොරොනා වසංගතය පැයෙන් පැය ඔඩු දුවමින් විශාල ව්‍යයසනයක් කරා රට ඇදගෙන යමින් තිබෙන බව දැන් පැහැදිලිය. රටේ වාසනාවකට එකදු මරණයක් හෝ වාර්තා නොවීම සුබ ලකුණකි. මොන පිහිටකින් හො රට සුවපත් වීම විය යුතුය.
රාජපක්ෂලාගේ බල පෙරේතකම හමුවේ මිනිස්සු පරාදයි..,ලැජ්ජයි ගෝටා.
කොරෝන වෛරස් අසාදනය වීම තව දුරටත් පාලනය කළ හැකි මට්ටම ඉක්මවා යමින් තිබේ. එහෙත් ඒ පාලනය වෙනුවෙන් රජය දක්වන අකාර්යක්ෂම තාවයෙහි වෙනසක් නැත. සියලු දුර්වලතාවයන් ආණ්ඩුව විසින් වසාගෙන කටයුතු කරයි..ඒ සියල්ල පසෙක තැබුවත් මේ අවදානම් සහගත අවස්ථවේදී මහ මැතිවරණය කල් දැමීම සිදු විය යුතු බවට සමාජයෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
තමුන්ගේ ආරක්ෂාව තමුන් විහින්ම බලා ගත්තොත් හොඳයි - ස'ට කළ හැකි ලබ්බක් නැත.
යුද්ධ කරන්න ඕන මෝඩයකුට පුලුවන.. අපි එහෙම යුද්ධයක් කර දැන් ජයග්‍රාහී ලීලාවෙන් සිටින්නො වෙමු.. ඒත් ඒ කළ විනාශයේ වන්දියවත් අප තම ගෙවා නැත. ගෙවමින් සිටිමු.. ''ජාතික ආරක්ෂාවයි'' කියා මළ ඉලව්වක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිපතිවරණයේදී රටේ බහුතරයක් දෙනෙක් ඒක කළ හැකියැයි කිව් කෙනෙකුට රටේ වගකීම බාර දී තිබේ..
සමඟියට අලියා නෑ.. බදියුදීන් එපා කියයි. එජාප කෘත්‍යාධිකාරී රැස්වීම හබක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අද දින (02) පිහිටු වීමට නියමිත 'සමඟි ජන බලවේගය' පක්ෂ සංධානයට එක්සත් ජාතික පක්ෂය එක් නොවන ලකුණු පහළ වී ඇත. එම සංධානයේ ලකුණ ලෙස අලියා ලබා දීමට එජාපයෙ රනිල් කල්ලිය එකඟ නොවීම අද දින ද දකින්නට ලැබිණි.
මාලදිවයින් කුඩු ජාවාරම පිටුපස පුලතිසි පුත්‍රයෙක්. දේශපාලනයේ අනුහසින් ඔහු නිදහස්
මීට දින කිහිපයකට පෙර (පෙබ.25) නාකොටික් පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 4 සමඟ මාලදිවයින් ජාතීකයන් 6 දෙනකු ගැන වාර්තා වූ පුවත සම්බන්ධ සිද්ධිය පිටුපස මෙරට දේශපාලන ප්‍රභූවරයකුගේ ව්‍යාපාරික සොයුරාගේ පුත්‍රරත්නය සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ..
ඒකාධිපති සිහිනයක සිටින ගෝටාගේ ගමන මහින්දටත් එරෙහිවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මඟින් ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම් පත් දෙකෙහි අපේක්ෂාව විධායක ජනාධිපතිධුරයේ බලතල අසීමාන්තික ලෙස වැඩි කර ගැනීමත් මහින්ද නාමල් ප්රමුඛ බලවේගය අකර්මන්‍යය කිරීමත් බව පැහැදි කාරණයකි.