රුපියල් ලක්ෂ සියයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම එම නිළධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදුන් පෙත්සම විභාග කිරීමට අද දින(28) එම විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

ජනාධිපතිවරයා විසින් ගත යුතු තීන්දු තීරණ දැන් ගන්නේ සිරස මුදලාලි කිලී මහරාජා විසින් බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය වසරේ ජනවාරි 08 වන දින නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ ඔහුව මෙහෙයවීමේ බලය කිලි මහරාජා විසින් අත් පත් කර ගත් බව අප විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු.

අප්පොච්චි ගෙදර යැව්වේ ඇයි අසමින් පසුගිය සමයේ තමන්ට හමුවූ බොහෝ දෙනෙකුගෙන් අදහස් විමසමින් සිටි විමල්ට මේ දිනවල අලුත් ප්‍රශ්නයක් හමුව තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ජනතා අදහස් එකතු කළ ලාල් විජේනායක කොමිසම් වාර්තාව පාදක කරගනිමින්ය.

ගාල්ලෙ නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් මේවන විට ආරම්බ කර තිබෙන ජල විදුලි ව්‍යාපෘතිය අත් හි‍ටුවන ලෙස විශාල මහජන විරෝධයක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් එල්ල වන විරෝධන නොතකා ඒ ක්‍රියාත්මක කිරීමට මේ යහපාලන ආණ්ඩුවේ බලධරයන් දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.

අද දින කුරුණගල පඩුවස්නුවර විහාරස්ථානයක බෝධි ප්‍රාකාරයක් විවෘත කිරීමේ උත්සවයකට ගිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට හූ සංග්‍රහයක් භුක්ති විඳිමේ අවස්ථාව ලැබි තිබේ.

විගණකාධිපතිවරයා තමන්ව අග්‍රාමාත්‍යවරයා අරලිය ගහ මැදුරට කැඳවූ බවට යන මාධ්‍ය ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තුවේ මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට පමණක් ප්‍රතිචාර දක්වා පාර්ලිමේන්තුවට ගිය බවත් පවසයි.

බිලියන 2.2 ක දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කර නැවත නිසි ක්‍රියාපටිපාටිය යටතේ ගල් අඟුරු සැපයුම් කරුවකු ‍තෝරා ගන්නා ලෙස අද දින(24) ශ්‍රේෂ්ඨාධිකරනය බලශක්ති අමතයංශ්‍ය වෙත නියෝග කළේය. මෙම ටෙන්ඩරය පෞද්ගලික සමගමක් වෙත පක්ෂග්‍රාහීව පැවැරීම සම්බන්ධයෙන් අමත්‍යංශ ලෙකම්වරයා හා ප්‍රසම්පාදන කමි‍ටුව කටයුතු කර තිබූ ආකාරය ගැන තමා කම්පනයට පත් වූ බවද විනිසුරුවරයා පැවසීය. මෙම ගල් අඟුරු මගඩිය ගැන මුල් වරට මාධ්‍යකින් හෙළි දරව් කලේ ලංකාඩේලි වෙබ් අඩවිය විසින්ය.

ආණ්ඩුවෙන් වෙන්වී වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අරමුණු කොට ගත් ' වෝටර්ස් එජ් ටීම් ' ලෙස මේවන විට හඳුන්වනු ලබන කණ්ඩායම අප විසින් හෙලි දරව් කිරීමන් පසුව අර්බුදයකට ගොස් ඇතැයි වර්තාවේ. ඉතා රහසිගතව සංවිධානය කළ මෙම හමුවේ තොරතුරු එළිදරව් වීම නිසා මුල් සාකච්චාවට හවුල් වූ කණ්ඩායමෙන් පිරිසක් පසු සාකච්ඡාවලට හවුල් කර ගැනිමෙන් වැලැකිනි . එමෙන්ම එම සාකච්ඡා සෑම අඟහරුවාදා දිනයකම වොටර්ස් එජ් හොටලයේ පැවැත්වුණු නමුත් ඒ නොපවත්වා මෙයට මූලිකත්වය ගත් ඇමැතිගේ කාර්යාලයේ පැවැත්වීමටද තීරණය කර තිබිණි.

ld add copy

Connet With Us