ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණයේ කර්මාන්ත ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම ආයෝජන මණ්‌ඩලයෙන් බදු පදනම යටතේ ලබා ගෙන තිබූ ඉඩම ආපසු රජයට පවරා ගනිමින් ජනාධිපති නිකුත් කළ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නම් විනිශ්චයකාරවරුන් තිදෙනකු විනිසුරු මඬුල්ලේ සි‍ටිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස විනිසුරුවරුන් දෙදෙනෙ කු දී ඇති නියෝගය පිළිබඳව ගැටලුවක් පවතින බව නීතීඥයින් තමන්ට දැනුම් දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

මත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගත් ණය මුදල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 250 ක් ගෙවීමට සිදුව තිබේ.

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීම‍ට සූදානමක් පවතී.

ශ්‍රී ලංකා මුස්ලිම්  කවුන්සිලය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර අවතැන් වුවන් නැවත පදිංචි කිරීම පිළිබඳ එම පක්ෂයේ ස්ථාවරය පරස්පර විරෝධී එකක් වී ඇති බවයි. මෙතෙක් කාලයක් වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අන්තවාදී බෞද්ධ බලවේග විසින් නොමග යවා තිබීම කණගාටුවට කරුණක් බව මුස්ලිම්  කවුන්සිලය පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතා අද (15) අත්සන් කර තිබේ.

මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් අැති කිරීමට සදහා කැබිනට් අනුමැතිය හිමිව අැත.

නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‍ෂවලද එකගතාව හිමි වී අැත. නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ කැබිනට් අනුකාරක සභාව සහ සුළු පක්‍ෂ නියෝජිතයන් අතර ඊයේ (14)රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගතාව පළවී අැත.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us