විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය මාස 04ක කාලය තුල රජය විසින් අත්පත් කර ගත් ජයග්‍රහණ පිළිබදව රටවල් විසි හතරක් නියෝජනය කරමින් පැමිණි සිටි විදේශ තනාපතිවරුන් හා වෙනත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්තී්‍රක නිළධාරීන් පිරිසක් දැනුවත් කරන ලදී. මෙහීදි ඔහු විසින් අනාගතය සදහා ඇති සැලසුම් පිළිබදව සංක්ෂිප්ත සටහනක් කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානී සිදුවන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් රුපියල් කෝටි සියයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට  එන්තරවාසියක් යොමුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(13) මහ බැංකු බැඳුම්කර නිකුතුවේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබේ.

සුනාමි නිවාස ව්‍යාපෘතියක මුදල් අයථා  ලෙස යෙදවීමක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත අද(13) උදෑසන කැඳවා ඇතැයි වාර්තා  වේ.

ශ්‍රී ලංකාවේ ස්භාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අවසානය වනවිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

වත්මන් ආණ්ඩුව මගින් නැවත වතාවක් මාළඹේ ආයතනයට උපාධි විකිණීමේ බලතල ලබාදීම කටයුතු කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි. ඔහු මෙම අදහස් දැක්වූයේ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වසරේ වාර්තා වී ඇති  ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. මේ වනවිට මුළු දිවයිනෙන්ම  13423 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට සේවය කරන ජනතා පුත්‍රයෙකු මිස මහාරජාණන් කෙනෙක් නොවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා වූ උත්සවයට ඊයේ (11) සහභාගීවෙමිනි.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us