වෙලේ සුදා අත්අඩංගුවට ගත්තද නියම සුදාලා තවම නිදැල්ලේ සිටින බවත් යහපාලනයේ කොටසක් නිසි අාකාරව ක්‍රියාත්මක නොවීම ගැන තමාටද කණගාටුවක් පවතින බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත මහතා පැවසුවේය. අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙන් පසුව මාධ්‍යවේදිෙයක් විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මාධ්‍ය ආයතනයක ප්‍රධානීයෙකු ලෙස කටයුතු කරන දිලිප් ජයවීර මහතාව මේ වන විට මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මාස 7 ක් පුරාවට විශ්වවිද්‍යාල කිහිපයක මේ වසරට අදාළව ශිෂ්‍ය භික්ෂු බදවා ගැනීම් කප්පාදුවට ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍එරෙහි අරගලයට මේ වනතුරුත් යහපාලන අාණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලය පවසයි.

ආණ්ඩුව විසුරුව හැරීම තවත් දිගු කාලයක් යන තුරු සිදු නොවන බව ශ්‍රීලනීපයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසමින් සිටි. මේ අතර මහින්ද පාර්ශවයද මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට මත පළ කරමින් ඇත.

ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්වා පළාත් පාලන අායතනවල සභිකයින් තෝරා පත්කර ගැනීමට හැකියාව අැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් යළි සලකා බැලීමට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව අද(14) පළමු වරට රැස්වේ. දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ සංශෝධන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ අාණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දැරූ විමල් වීරවංශ මහතා ඔහුගේ ඥාතීන් පිරිසකට මත්තේගොඩ සහ කහතුඩුව ප්‍රදේශවල ඉදිකළ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 71 ක් වටිනා නිවාස 06 ක් අඩු වටිනාකම් තක්සේරුවකට ලබාදීම පිළිබඳ කරුණු අනාවරණය කරගෙන අැති බව නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශ යටතේ පවතින සීමාසහිත ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා පවසයි .ඔහු මෙසේ පැවසුවේ, නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

නව මැතිවරණ සංශෝධන යටතේ ප‍්‍රමාණවත් කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් සහතික නොකර තිබීම සම්බන්ධයෙන් මෙරට කාන්තා සංවිධාන කණස්සල්ල පල කරයි.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us