ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ දී පත් කළ හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් සහ රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 55ක් ලෙස ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව ජනාධිපතිවරණයට පෙර එකඟතාවකට පැමිණ තිබුණ ද මේ වනවිටත් එතරම් සංඛ්‍යාවකට පත්වීම් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය රජය සමයේ දැන්වීම් පළ කිරීම වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතන සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත අය විය යුතු රුපියල් බිලියනයක හිඟ මුදලක් වහාම ගෙවීමට පියවර ගන්නැයි එකී දැන්වීම් පළ කළ ආයතන වෙත දැනුම් දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිවු දින නිල සංචාරයක් සඳහා (25)චීනය බලා පිටත්ව යාමට නියමිතය.

කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) මහතා මීට ස්වල්ප මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.ඒ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. 

තවත් වසර 75ක් පමණ රටේ පාලන බලය රාජපක්ෂරුන් විසින්ම හෙබවීමේ බලාපොරොත්තුවෙන් යුතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කන්කසන්තුරේ ඉදිකරමින් පැවැති අති සුඛෝපභෝගී මන්දිරය පොදු මහජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට සපයා තිබු ආරක්ෂක රථ කිහිපයක් පසුගියදා ආරක්ෂක ලේකම් වරයා විසින් නැවත ලබා ගෙන තිබීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ විසින් බරපතල චෝදනාවක් කරමින් ආණ්ඩුව කොටි නිදහස් කරන බවත් තමාගේ ආරක්ෂාව ඉවත් කරන බවත් පැවැසීය. එමඟින් ආණ්ඩුව එල්ටීටීඊය ලවා තමාව ඝාතන කරවීමට ඉඩ සලසා දෙන බවක් වක්‍රාකාරයෙන් පවසනු ලැබීය.

සුවබර ජීවිතයක් සඳහා කායික මෙන්ම යහපත් මානසික තත්ත්වයද අත්‍යවශ්‍ය වේ. සමාජයේ බොහෝ පිරිසක් විවිධාකාරයේ මානසික ගැටළු වලින් පීඩා විඳියි.

මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙනුවෙන් කොළඹට නුදුරු සුදුසු පරිශ‍්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ නිළධාරීන් හමුවේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us