ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත.“හඳුනානොගත් රෝගීන් 4000ක් අප අතර, හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු“ යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව යි.
19 සංශෝධනය අද පාර්ලිමේන්තුවට. ජාතික ආණ්ඩුවේ පළමු රාජකාරිය
අද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ඇමැතිකම් ලැබුණත් පොලිස් පරීක්‍ෂණ එසේමයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් වත්මන් රජයට සම්බන්ධ වී ඇමැති තනතුරු ලබා ගත්තත් ඔවුන් කීප දෙනකුට විරුද්ධව පොලිස් දෙපාර්තමේන්තුව ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ කටයුතු අත් නොහරින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විභාගයට විනිසුරුවන් 2ක් අකැමැතියි
රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.
පෝෂණ මල්ලට පුස් ආහාර දැමු සභාපතිට දඩ..ආහාර තොගය විනාශ කරයි
අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.
සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.