රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි.

ජාතික මදුරු මර්දන සතිය අදින් ආරම්භවේ. එය අපේ‍්‍රල් මස පළමු වනදා දක්වා දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජීවිතයට නව නැම්මක් – ඩෙංගු වලට තිතක් යන්න තේමා කර ගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මකය.

මෙරට අධිකරණය වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම සඳහා කිසිදු නීතිමය පදනමකින් තොර හේතු තර්ක ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර පරාජය වන්නට ඉඩ හැරීම සම්බන්ධ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ සැලසුමක් ගැන හෙළිවේ.

යුක්රේනයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා අවි ආයුධ සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉහළම මට්ටමේ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි. මේ චෝදනාව ඉතා බරපතළ සිද්ධියක් වන අතර විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා චීන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි විගස අදාළ කමිටුව නම් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුට වඩා පැරදී ගිය කෙනාට වැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් ලබාදිය යුතු ප්‍රමාණයටත් වඩා ලබා දීමට කටයුතු කිරීමත් හෙලා දැකිය යුතු බව පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us