ජනාධිපති ඔබාමා මේ සතියේ පළමු වතාවට තම පියාගේ මව් රට වූ කෙන්යාවේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය වාර්තා කරයි. මේ අනුව ඔහු කෙන්යාවට අමතරව නයිජීරියාව සහ ඉතියෝපියාව යන අප්‍රිකානු රටවල් දෙකේද සංචාරය කිරීමට නියමිතයි.
උතුරු පකිස්ථානයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
හදිහූනියම් කළ බවට චෝදනා කර කාන්තාවක් හිස ගසා මරා දමලා
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගම්වැසියන් පිරිසක් හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා කර වැඩිහිටි කාන්තාවක නිර්වස්ත්‍ර කොට ඇයගේ හිස ගසා දමා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්ථාන හමුදා රැඳී සිටි මාර්ග බාධකයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අට දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
දකුණු පැසිෆික් සාගරයේ සොලමන් දිවයින් ආසන්න ප්‍රදේශයේ යේ අද (18) ප්‍රබල භූ කම්පනයක් සිදුවූයේය.
අමෙරිකාවේ ටෙන්නේස්සේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි දෙකකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අවුස්විට්ස් නාසි කඳවුරේ පොත් තබන්නාට වසර හතරක සිර දඬුවම්
පසුගියදා ජර්මානු අධිකරණය අවුස්විට්ස් නාසි කඳවුරේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 94 හැවිරිදි පුද්ගලයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.
ග්‍රීක පාර්ලිමේන්තුව යුරෝපා නායකයන් යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිගැනීමට එකඟතාව පළ කර තිබේ.