හොං කොං නුවරට රැස්වූ දහස් ගණන් ජනතාව කාන්තා යට ඇඳුම් හැඳ පියයුරු ආයුධයක් නොවන බව පවසමින් විරෝධතාවයක නිරත වී තිබේ.
“මම ඇත්තටම හිතනවා මං ආකර්ෂණීය ජනාධිපතිවරයෙක් කියලා. මං හිතන්නේ මං ආයෙමත් ඉල්ලුවොත් මට දිනන්න පුළුවන්. ඒත්; මට එය කළ නොහැකියි... අමෙරිකාව වෙනස් කිරීමට හුඟක් දේවල් කරන්න මම කැමැතිවෙයි. ඒත් නීතිය නීතියයි. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. ජනාධිපතිවරයා පවා ඊට ඉහළින් නැහැ.”
ඉන්දියාවේ 1993 වසරේ සිදුවූ මුම්බායි බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යයි චෝදනා ලැබූ යකුබ් මෙමොන් නැමති පුද්ගලයෙකුට මරණ දඬුවම පමුණුවා තිබේ.
ලිබියානු අධිකරණය එරට හිටපු ජනාධිපති මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම්ට සහ තවත් පුද්ගලයන් අට දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ඉන්දීය මිසයිල වැඩසටහනේ පුරෝගමියා වන අබ්දුල් කලාම් මියගොස් තිබේ. ඔහු මියගොස් ඇත්තේ මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි.
කාන්තාවන්ට අසමාන ලෙස සැළකුවොත් රටක් දියුණු කළ නොහැකියි - ඔබාමා
කෙන්යාවේ ප්‍රථම නිල සංචාරය සඳහා එක් වී සිටින ඔබාමා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දෙවන පන්තියේ පුරවැසියෙකු ලෙස සැලකීම හරහා රටක් දියුණු කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.
කෙන්යාවේ සංචාරයක නිරතව සිටින බැරක් ඔබාමා සිය සංචාරයේ විශේෂ පියවරක් සනිටුහන් කරමින් මහා පරිමාණ ව්‍යාපාරික සමුළුවක් විවෘත කිරීම සඳහා එක් වී තිබේ.
විවාහයකින් තොර සම්බන්ධතා අපරාධයක් නොවේ - ඉන්දියානු අධිකරණය
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිත්‍යානුකූල විවාහයකින් තොරව දෙදෙනෙක් එක්ව වාසය කිරීම පිළිගත් සම්මතයක් බව පිළිගෙන තිබේ.