ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද ණය යෝජනා ග්‍රීක වැසියන් විසින් ප්‍රතික්ෂේප කෙරුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැති ඇලෙක්සිස් සිප්රාස් ප්‍රකාශ කළේ ග්‍රීක වැසියන් නිර්භීත තීරණයක් ගෙන ඇති බවයි.
චීනයේ කොටස් වෙළඳපොළ තුල පසුගිය සති තුනක කාලය ඇතුලත බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් ත්රිලියන 2.34 ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
2016 ඔලිම්පික් තරගාවලිය සඳහා යොදා ගැනෙන ගිනිසිළුව රියෝ දි ජනයිරෝ නගරයේ පැවති උත්සවයකදී බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් විසින් විවෘත කරන ලදී.
පකිස්ථානයේ හමුදා සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අනතුරට පත්වීමෙන් සොලදදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්ථාන අභියාචනාධිකරණය ප්රකෝපකාරී තීන්දුවක් ලබාදෙයි
ඇෆ්ගනිස්තාන අභියාචනාධිකරණය විසින් තරුණ කාන්තාවක් මරාදැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයන් හතර දෙනෙකු ගේ දඬුවම් අත්හිටු වීම හේතුවෙන් එරට කාන්තා ක්‍රියාකාරිනියන් කෝපයට පත්වී තිබේ.
පිලිපීන නෞකාවක් අනතුරට පත්වීමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මගීන් 189 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව අනතුරට පත්ව ඇත්තේ මධ්‍යම පිලිපීනයේ ලේයිට් වෙරළ තීරයේදී බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඊජීප්තුවේ සෙනායි අර්ධද්වීප ප්‍රදේශයේදී එරට හමුදාව සහ අයිඑස් සටන්කාමීන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ඇමරිකාව හා කියුබාව තානාපති කාර්යාල විවෘත කිරීමට සැරසෙයි
ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ ඉදිරි පිවරක් ලෙස දෙරටේ ප්‍රධාන නගර දෙකේ තානාපති කාර්යාල විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.