රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි

Published in පුවත්
Wednesday, 12 August 2015 11:53

අප ඊයේ 'රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්' යනුවෙන් පළ කල පුවත සනාත කරමින් මෙම සැලසුමේ සිටින න්‍යාචාර්යවරයකු වන අශෝක අභයගුණවර්ධන මහතා ඊයේ දිනයේ කිලී මහරාජාගේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනක් අතරතුරේදී සනාත කරනු ලැබීය.

ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ සන්ධානය ආසන 105ක් පම ලබා ගෙන ආණ්ඩුව පිහි‍ටුවන බවය. ඔහුට අනුව එජාපය ට ආසන 95 කි පමණ සැහිමකට පත්වන්නට සිදුවේ.

සන්ධානයේ ආණ්ඩුව පිහි‍ටුවූවත් අගමැතිධුරය මහිද රාජපක්ෂට නොලැබෙන බව මේවන විටත් ස්ථිර බැවින් දෙවන පෙළ නායකයකුට අගමැතිධුරය ලැබෙන බවත් ඔහුගේ කතාවෙන් පැහැදිලි විය. එමෙන්ම ඔහු මතු කළ වැදගත්ම කාරණය වුයේ එජාපයේ රනිල් වික්‍රමසිංහට තවදුරටත් නායකත්වයේ සිටීමට නොහැකිවන බවත් එහි දෙවන පෙළේ නායකත්වයක් මතු පිටට එන බවය. මේ කියන්නේ කිලි මහරාජාගේ ප්‍රාර්තනය වන සජිත් ප්‍රේමදාස ගැනය. එසේම මෙය ජනධිපතිවරයාගේ කැමැත්ත බවද  අභයගුණවර්ධන මහතා විසින් වක්‍රව පවසන ලදී. ඉහතකී පුවතින් මෙම කුමන්ත්‍රණය අප විසින් හෙළිකරණු ලැබීය.

එමෙන්ම මෙහිදී ඔහු අවධාරණය කළ කරුණක් නම් නිශ්චිතව පක්ෂ දේශපාලනය නොයෙදෙන පාවෙන ඡන්ද ලෙස ගනන් ගැන්නේ සියයට 25 ක පමණ වන කණ්ඩායම ඡන්ද පොළට නොයා යුතු බවය. නැත්නම් ඒ ක‍ටුගා දැමිය යුතු බවය. ඔහු එසේ නිශ්චිතවම පවසන්නේ මෙම කණ්ඩායම ඡන්දය ප්‍රකාශයට පත් කළ හොත් එජාපය ජයග්‍රහණය කරන බව සක්සුදක් සේ දන්නා නිසාය.

සැබැඳි පුවත : රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us