දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක්

Published in පුවත්
Thursday, 10 September 2015 11:55

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters of Sri Lanka - NCE) විසින් සංවිධානය කරනු ලබන ජාතික සම්මාන උළෙලේ මහාපරිමාණ අංශයේ රන් සම්මානය කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔය සහ පන්නල ප්‍රදේශයේ ගල් ඔය ආශ්‍රිත පරිසරය වනසන JIFFY PRODUCTS SRI LANKA (PVT) LTD සමාගමට ලැබීමට නියමිත බව වාර්තා වේ.

මෙම සම්මාන උළෙල 2015 සැප්තැම්බර් 18 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති, පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කොට තිබේ. 'Jiffy' සමාගම මෙම සම්මානය 2012 වසරේ සිට නොකඩවා දිනාගෙන තිබේ.

මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීමේදී පරිසර නිර්ණායක වශයෙන් NCE වෙබ් අඩවියේ පහත පරිදි සඳහන් කර ඇත.

උපුටා දැක්වීම

Planet ( Environmental Protection, Efficient Energy management, Cleaner Production and Waste Management, Carbon and Water Footprint calculations, Design of Recycling and Resource Recovery systems)

http://www.nce.lk/ea2014-guide-lines/

උපුටා දැක්වීම අවසන්

jiffy 5

නමුත් 'Jiffy' සමාගම යනු ඉහත කී නිර්ණායක සහ හෝ මගපෙන්වීම් සපුරා උල්ලංඝනය කරන සමාගමකි. මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ්, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ප්‍රධාන විධායක ශිහාම් මරික්කාර් මහතාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ 'අප මෙම සම්මාන ලබාදීමේදී අදාල සමාගම්වලට එරෙහිව පවතින මාධ්‍ය වාර්තා සැලකිල්ලට නොගන්නා බවයි. එහිදී සැලකිල්ලට ගන්නේ රජයේ පාරිසරික ආයතනයන්ගෙන් ලබාදෙනු ලබන සහතික පමණක්' බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍ය නම් එය නිලවශයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රධාන විධායක නිළධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව අප වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී දැනගත හැකි වූයේ මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පරිසර අධිකාරියේ වගකිවයුතු නිළධාරීන් 'Jiffy' සමාගම විසින් මිලදී ගෙන ඇති බවයි. ජනාධිපතිවරයාට යැවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කරනු ලබන පරිසර නීති රීති උල්ලංඝනය කරන සමාගම් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ 'Jiffy' සමාගමයි. එහෙත් ලේකම් නාරම්පනාව හරහා මෙම ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත යද්දී 'Jiffy' සමාගමේ නම අතුරුදන්වීමට හේතුව දන්නේ නාරම්පනාව මහතා හා 'Jiffy' සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සන්දීප්ත ගමලත් මහතා පමණි. මෙම සන්දීප්ත ගමලත් යනු ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් සුහද ගමලත් මහතාගේ ඥාති සොයුරාය. ශ්‍රී ලංකාවේ අධිකරණ නියෝග 'Jiffy' කළමනාකාර අධ්‍යක්ෂකවරයා තුට්ටුවකට මායිම් නොකරන්නේ තම ඥාති සොයුරාගේ ආනුභාවයෙනි.

එමෙන්ම වයඹ පරිසර අධිකාරිය යනු පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත ආයතනයක් නොවේ. මෙය පසුගිය එජාප රජය සමයේ වයඹ දිසා ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ නිර්මාණයකි. වයඹ පරිසර අධිකාරියේ සේවය කරන සමන් සේනානායක යනු රජයේ පඩියට අමතරව 'Jiffy' සමාගමෙන්ද වැටුප් ලබන අන්ත දූෂිත නිළධාරියෙකි. ඔහුගේ නීතියට අනුව 'Jiffy' සමාගම කිසිදු පාරිසරික නීති උල්ලංඝනයක් සිදුකොට නොමැත. සමන් සේනානායක හා නාරම්පනාව ගජමිතුරන්ය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නැවතත් වනජීවී අමාත්‍යවරයා ලෙස පත්වීම තුළ සමන් සේනානායකට නැවතත් සුපුරුදු දූෂණය දිගටම පවත්වාගෙන යා හැකිය.

BUP DFT DFT-2-72

සම්මාන උළෙලේදී 'Jiffy' සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සන්දීප්ත ගමලත් මහතා සම්මාන ලබාගත් අයුරු

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අමාත්‍යංශය හා පරිසර අමාත්‍යංශය තමා යටතේම තබාගත්තේ ඒවා තම ජීවිතයෙන් වෙන්කළ නොහැකි අංග ලෙස සලකා ගෙනය. 'Jiffy' සමාගම 2012 වසරේ සිට සම්මාන ලබාගත්තේ ඔවුන් හා සමාන දූෂිත රාජපක්ෂ ආණ්ඩුවෙනි. ඒ සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ රාජපක්ෂ රජයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. එම අනුග්‍රහය සඳහා සමාගම බැසිල්ට මාසිකව මිලියන ගණනින් කප්පම් ගෙවූ බව ප්‍රසිද්ධ රහසකි.

නමුත් 2015 වසරේ ඔවුන්ට සම්මාන ලබාගැනීමට සිදුව ඇත්තේ යහපාලන ආණ්ඩුවකිනි. එමෙන්ම පරිසරය තම ශරීරාංගයක් කොට සලකන ජනාධිපතිවරයෙකුගේ දෑතිනි. මෙවන් වූ දූෂිත සමාගමකට තම දෑතින් සම්මාන ලබාදීමට ජනාධිපතිවරයට හැකිදැයි අප දෑස් දල්වා බලා සිටිමු.


lankanewsweb

 

සැබැඳි පුවත්: 

Coca පෙන්නුවේ Cola විතරද? 

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි 

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

Last modified on Thursday, 10 September 2015 11:59

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us