මෛත්‍රී - රනිල් - චන්ද්‍රිකා 19 ගැන විශේෂ සාකච්ඡාවක
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රාජ්‍යයි ආණ්ඩුවයි දෙකම ඩැහැගන්න බලන් ඉන්න පිස්සෙක් ගැන කතාවක් එජාපය කියයි
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවිය හැක්කේ, අනාගතයේ දිනක විධායක ජනාධිපති තනතුරට පත්ව රාජ්‍යයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන්ද එම බලතල භුක්ති විදීමට සිහින දකින මනෝරාජික පුද්ගලයෙකුට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.
චම්පිකගේ කතාවලට විසිල් ගහන්න විදුලිබල සේවකයන්ට රාජකාරියක් පවරලා
විදුලි බල සහ බල ශක්ති අමාත්‍යංශයේ මෑතක දි ස්ථිර පත්විමි ලද සේවක සේවිතාවන් හාරදහසකට ආසන්න පිරිසක් මහරගම රැස්වීමකට යාම පිණිස අද ( 8දා) නිවාඩු ලබා ගොස් සිටි නිසා සිය අවශ්‍යතා ඉටු කර ගැනිම පිණිස විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඇතුළු උප කාර්යාලවල මහජන සේවා කටයුතු සැලසීම බිඳ වැටි තිබු බව විදුලි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
යේමනයේ ගැටුම්වලට මැදිවී සිටියදී බේරා ගත් පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම අද (07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
බැඳුම්කර යෝජනාව පරාජයවන්නට ඉඩ හැරීම එජාපයේම කුමන්ත්‍රණයක් ?
ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 40,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට සම්බන්ධ යෝජනාව පරාජය වීම පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග කිහිපයක් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියක් වන ලංකාතෲත් සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන්, ‘සිලෝන් ටුඬේ’ සහ ‘මව්බිම’ පුවත්පත්වලින් රු. බිලියන 20ක වන්දියක් ඉල්ලා ඇවන්ට් ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගම එන්තරවාසියක් යවයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට රට යන්න තහනම්
මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අද (08) අලූයම අපවත් වී තිබේ.