හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ හා හිටපු ආරාක්ෂක ලේකම්  ගොඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ පිහිටි නිවාසවල ආරක්ෂාවට හා මෙම දෙපලගේ දරුවන්ගේ ආරක්ෂාවට  ශ්‍රිලංකා යුධ හමුදාවේ කොමන්ඩෝ රෙජීමේන්තුවේ සෙබළුන් ගනනාවක්ම එරටට යවා තිබුණු බව හෙළිවෙයි.වසර කිහිපයක් තිස්සේ මෙලෙස සෙබළුන් ඇමරිකාවට යවා ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයත් සිංහල ජාතිවාදයේ තවත් ස්වරූපයක් බවත් ඉන්දියාවේ සංචාරයක නිරත සිරිසේන මහතා තමිල්නාඩුවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් ඊට එරෙහිව කළු කොඩි පෙන්වා විරෝධය දැක්වීමට සිදුකළ යුතු බවත් එම්ඩීඑම්කේ පක්‍ෂයේ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේ (2015-02-14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්විය. එහි දී නව නිලධාරී මඩුල්ලක් ද පත්කරගත්හ. එහෙත් එම සභාව අවසන්ව ජනාධිපතිතුමා පිටව යාමෙන් අනතුරුව පැවති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ සහභාගී වූ සමස්ත ලංකා කාරක සභාවේ දී හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි අගමැති කළ යුතු යැයි ඔවුහු බලකර සිටියහ. පසුව පැවති පළාත් සභා මන්ත්‍රී සමුළුවේ දී මෙය වඩාත් බලවත් ලෙස කරළියට රැගෙන ආහ. මෙය බැලූ බැල්මට තව දුරටත් මහින්ද බලයේ රැඳී සිටීමට උත්සාහ කරන තත්ත්වයක් පමණක් නොවේ. සැබැවින් ම යහපාලනයට කරනු ලබන අභියෝගයකි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර  ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික  ජල විදුලි බලා ගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

ආණ්ඩුව පත්වී සති 5 ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පලකරන ප්‍රධානතම ජාතික පුවත්පත් දෙකක් වන ‘ඩේලි නිවුස්' හා ‘සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පත් සඳහා රාජපක්ෂ වන්දිභට්ටයින් වෙනුවට ස්වාධීන ජේෂ්ඨ මාධ්‍යවේදීන් දෙපලක් පත් කර එවීමට රජය කටයුතු කර ඇතැයි ‘ලේක් හවුස්' ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දහවල් දොළහට පමණ මගේ ජංගම දුරකතනයට හිතවතකුගෙන් ඇමතුමක් ලැබුණි. සුපුරුදු පරිදි මා ඇමතුමට පිළිතුරු දුන් සැණින් ඔහු විමසා සිටියේ...

‘‘මොකක් ද අයියෙ අර දිවයින පත්තරේ තියෙන හෙඩිම?’’ යනුවෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සමග ඔහු සිය පළමු සංචාරයට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු දේශපාලන අනාථභාවයකට ලක්ව සිටින පිරිසක් විසින් එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ මහතා සඳහන් කරයි.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us