ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිණී රූපවහිනී ආයතනයේ සේවයන් 4 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ආයතන තුල අදහස් දැක්වීම හේතුවෙන් එම ආයතනයෙන් නෙරපා දමා ඇතැයි වාර්තාවේ.

නිකවැරටිය කොබෙයි ගනේ පවත්වගෙන යන පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක වන ජිෆී ප්‍රඩක්ට් සමාගමට (Jiffy Products S. L) එරෙහිව දැදුරු ඔයට අපජලය මුදා හැරීම අත් හිටවියයුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද ඒ නොතකා තවමත් එම අප ජලය දැදුරු ඔයට මුදා හරිමින් තිබේ.

අද දින පැවැත්වෙන 67 වන නිදහස් උළෙල සඳහා සහභාගීවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රයක් යැවීමට රජය විසින් කටයුතු කර තිබුණද ඔහු මේ සඳහා සහභාගී වී නොමැත.
ඉන්දීය අගමැති  නරේන්ද්‍ර සිං මෝදි  ශ්‍රි ලංකාවේ  67 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සුභ පතා තිබේ.  
 
මෝදි මහතා පවසා ඇත්තේ   ඉතිහාසයේ බැඳුම්කර, සංස්කෘතිය මය වශයෙන් නොබිඳිය හැකි වටිනාකමක් ශ්‍රී ලංකාව සමග ඇති බවයි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සන්දේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

බස්නාහිර, උතුර, දකුණ, සබරගමුව, ඌව පළාත්වල ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් 22,319 න් 5,026 ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවට හෙළි වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිල කාලයේ රැඳී සිටි ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හොර ගිවිසුමක්‌ ඇති බවට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කිරීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන් පස්‌දෙනකු ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

ld add copy

Connet With Us