මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂක, විධායක ජනාධිපතිවරයා මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක වන සමනලී ෆොන්සේකා මහත්මිය කෙරෙහි දැඩි බියක් උපදවාගෙන සිටින බව දැන ගැනීමට ලැබී තිබේ.

රාජ්‍ය මාධ්‍යය අයතන සියල්ල තම අණසක යටතට ගෙන සිටින ඒකාධිපති පලකයා සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම ආයතන සියල්ල ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කරමින් සිටී. ඔහු සිතන්නේ මෙම අයතනවල සේවයෙහි නියුතු සියලු සේවකයන් තමන්ට කැමති බවයි. එහෙත් එය එසේ නොවන බව මැනවින් ඔප්පු කරමින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මේ වන විටත් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන සුගත් තිලකරත්න සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේදී  ජපන් ජාතික කෙනචි ටාගෝ පරාජය කරමින් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙට හැර වූ නිලූක කරුණාරත්නත්,ප්‍රවීන ස්කොස් ක්‍රීඩකයෙක් වූ මධුප ජයතිලක යන ක්‍රීඩකයන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තිරණය කර තිබේ. 

මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.

ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කටයුත්තකි. එහෙත් ලිංගික කරුණු, පිළිබඳව නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් තම ජීවිතය විදිය යුතු මොහොතක විදවමින් ලතැවෙන අවස්ථා රැසක් අප දැක ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැය 4 කට නොඅඩු කාලයක් සේවා නියුක්තිකයන්ට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සියලූම සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එළඹෙන ජනවාරී 09 වන දින බිහිවන මෛත්‍රීපාලනය වෙනුවෙන් සෙත් පැතීම සඳහා ආගමික වැඩසටහනක් අද(05)මාතර නගරයේදී පැවැත් විණි.

උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.

 

ld add copy

Connet With Us