රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇති වකවානුවක මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම උදෙසා තමන් නිදහස් පක්‍ෂයෙන් තාවකාලිකව එළියට ආවත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ජයගන්නා බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අත්තනගල්ලේ පැවති ජන රැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

තමන් කියන දේ කරන සහ කරන දේ කියන පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වයස් කාණ්ඩ අනුව ශී‍්‍ර ලංකාවේ දැනට තිබෙන ජන සංයුතිය ආර්ථික සංවර්ධනය සඳහා ඉතා හිතකර බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ උපදේශකවරයෙකු වන එච්.ආර්. ගුණසේකර මහතා පවසයි.ඉකුත් වසර කිහිපය ඇතුළත ශී‍්‍ර ලංකාවේ තරුණ ජනගහනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව 2012 ජන හා නිවාස සංගණනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේය. ඊට සාපේක්ෂව ළමා ජනගහනය අඩු වී වැඩිහිටි ජනගහනයද පාලනය කර ගත හැකි මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇත.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළ‍ඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා අද (22) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව ගොඩනගාගෙන තිබෙන "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන මහා උද්ඝෝෂණයක් හෙට (23) දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රබර් සදහා සහතික මිලක් නියම කල බව විදුලි සංදේශන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ld add copy

Connet With Us