විමල් කැළණි හිඟන්නෙක්. නිල නිවසේ ඉබි යතුරුත් ගලවාගෙන ගිහිල්ලා
Published in
පුවත්
Friday, 16 January 2015 16:17
හිටපු නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ කොළඹ, කැප්පෙට්ටිපොළ පාරේ පිහිටි නිල නිවසේ තිබූ ඉබි යතුරු, දොර රෙද්දේ සිට වායුසමීකරණ යන්ත්‍ර ආදී සියල්ල නිල නිවසෙන් ඉවත්ව යාමේදී ගලවාගෙන රැගෙන ගොස් තිබේ.
දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් අද (16) දින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.
කොළඹ මාළිගාවත්ත ජොතිපාල මාවතේ පවත්වාගෙන ගිය හිටපු ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂට අයත් කාර්ල්ටන් ළදරු පාසලේ ගොඩනැගිල්ලක් තුල සඟවා තබා ඇති යම් භාණ්ඩ තොගයක් ගැන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (පාලන), නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (සැලසුම්) , නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) සහ වෙළඳ කලමනාකරු යන නිළධාරීන්ගේ කාර්යාල මුද්‍රා කරඇති බව වාර්ථාවේ.
කන්කසන්තුරේ දුම්රිය පොළ හමුදාව අත්පත්කර ගනී ! මඟීන් අතර මඟ
Published in
පුවත්
Friday, 16 January 2015 13:25
ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයා කන්කසන්තුරේ දුම්රිය පොළ මහත් උත්සවා කාරයෙන් විවෘත කළද මේ වන විට එම දුම්රිය පොළට මඟී ජනතාවට ඇතුළු වීම ආරක්ෂක අංශ මඟින් තහනම් කර තිබේ.
රාජපක්ෂලාගේ දූෂණ හොයන්න රනිල් විශේෂ කමිටුවක් පත් කරයි
Published in
පුවත්
Friday, 16 January 2015 13:11
මහින්ද රාජපක්ෂ , එම පවුලේ ඥති හිතමිත්‍රාදීන් හා එවකට එම ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමැතිවරුන්ගේ විසින් සිදු කර ඇති බවට එල්ල වන මහා පරිමාණ දූෂණ වංචා හා අපරාධ සම්බන්ධයෙන් සොයා චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම කඩිනම් කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවා ඇත.
මහින්දගේ මස්සිනා ළඟ තවත් හොර අලි සහ සුපිරි වාහන 3ක්
Published in
පුවත්
Friday, 16 January 2015 12:48
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගෙවත්තේ සඟවා තිබියදී මුන්දලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.