අපේ මාලු රුසියාවට

Published in පුවත්
Wednesday, 26 November 2014 12:45
මෙරටින් මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට රුසියාව එකඟතාව පළකර තිබේ. 

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදුව ඇත.

වන්නි දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කලක් කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි ඡයාරූප සාක්ෂි තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේය.

ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

වසරකට අලුතෙන් පිළිකා රෝගීන් තිස්‌දහසක්‌ පමණ හඳුනාගන්නා බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පැවසුවේය.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී 'පරවියා' ඡන්ද සලකුණ යටතේ බොහෝ දුරට තරග කරනු ඇතැයි විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බොදුබල සේනා සංවිධානය ලංකාව තුළ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් විවිධ බාධා කිරීම් සිදු කර අැති බව ජගත් සංවිධානය පවසයි. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් සම්බන්ධ විශේෂ නියෝජිත රීටා ඉසැක් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ජිනීවාහී ඊයේ රැස්වූ නිරීක්ෂණ රාජ්‍යයන්හී හත්වන සැසිවාරයේදීය.

 

ld add copy

Connet With Us