ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනපති නේපාලයට යයි

Published in පුවත්
Tuesday, 25 November 2014 10:01
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය. 

තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල කිසිඳු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පත්වීම් 1500 පමණ වහාම අවලංගු කරන ලෙස සෞඛ්‍ය ‍අමාත්‍යාංශ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය විසින් රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ (24) චක්‍ර‍ලේඛනයක් මගින් දන්වා ඇත.

තමන් කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නොයන බව පාලිත රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගෙන ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරිව මැදිහත් වන බව එහි නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේය. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් පිළිනොගන්නා බවය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා බැනරය අත්සන් තැබීම අද (24) වීරකැටිය නගරයේ දී සිදුවෙමින් පැවතුණි.

 

ld add copy

Connet With Us