මේ දින වල ජනාධිපතිවරයා විසින් සරසවි වල නේවාසිකාගාර ගැටළු විසදූ බවට ප‍්‍රකාශ කරමින් වැඩ අවසන් කල නේවාසිකාගාර විවෘත කිරීමට තමා සම්බන්ධ වන බව හා සරසවි වල සියළු ප‍්‍රශ්ණ තමා විසින් විසදන බව කියමින් රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රචාරය කරන බව අත්කර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

දැනට සුඵ මොහොතකට පෙර ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයට එල්ල වු තර්ජනය  කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී. මෙහිදී විහාරස්ථානය තුළට ගල් ප්‍රහාර දෙකක් එල්ල වු බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සරණාගතභාවය ඉල්ලා සිටින්නන්හට 2014 ජූලි මස 01 වැනි දින හෝ ඉන් පසු කාලය තුළ දී තවදුරටත් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වීමට අවසර නොලැබෙනු ඇතැයි ආගමන සහ වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ස්කොට් මොරිස්න මහතා අද නිවේදනය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළේය.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමිගේ ආශ්‍රමයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බව“සඳහම් සෙවණ“-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ “වත්තහේනේ විජිත හිමි පවසයි.

චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ ප්‍රධානීන් දළඳා ආශිර්වාදය ලබාගැනීමට හෙට(20) දින මහනුවරට යාමට නියමිතය.

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය මේ වන විට ක්‍රියාත්මකය.ඒ යටතේ ත්‍රිකුණාමලය සහ බදුල්ල දිස්ත්‍රික්ක වල පුද්ගලයින් 11216 කට සේවා සපයා ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර මහ රෝහලේ මහල් 6 න් යුතු ගොඩනැඟිල්ලක් වන 'මහාචාර්ය ඒකකයේ'හදිසි ගින්නක් හටගෙන තිබේ.එම ගින්නෙන් රුපියල් කෝටි 50 ක පමණ අලාභයක් සිදුව ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසයි. 

 

ld add copy

Connet With Us