තමා බලයට පත්වුවහොත් රට බෙදන බවටත්, ඊළමට යළි හිස එසවීමට ඉඩලබාදෙන බවටත් දේශපාලන ප්‍රතිවාදීන් විසින් චෝදනා කරමින් ගියද එකී චෝදානවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (05) තිඹිරිගස්යාය විපක්ෂයේ ප්‍රධාන පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

(update)ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ වීදියේ විරෝධය කණ්ඩායමේ සංවිධායකවරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ හා ප්‍රසංග ප්‍රනාන්දු මහත්වරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ මරා දමන ලද බල්ලන් දෙදෙනකුගේ හිස් ගෙනවිත් දමා තිබේ.

පරාජය ස්ථිර නිසා ඒ යනතමින් හෝ වලක්වා ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා රටපුරා බෙදා හැර පොදු අපෙක්ෂකයාගේ ඡන්ද දයකයන් නොමඟ යැවීමේ තුට්‍ටු දෙකේ කටයුත්තක මහින්ද රාජපක්ෂ යේදී සිට්න බව එජාපය චෝදනා කරයි.

හෙට මතුගම මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබු මහින්ද රාජපක්ෂගේ අවසන් මහ ‍රැළිය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. මෙම ‍රැළියේ සංවිධායකවරයා වන්නේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාය.

සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (03) ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් පළාත් සභ මන්ත්‍රී ජී.ගුණසීලන් මහතා ට ආරක්ෂක අංශවලින් එල්ල වූ ජීවිත තර්ජන හමුවේ ආගිය අතක් නැතැයි වාර්තාවේ.

රාජපක්ෂ පවුල් වනය ගැන ඊයේ පෙරේදා යම් යම් පුවත් නිර්මාණය වෙන්න ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි කියන පොත් පිංචක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිරිකොතට එජාප මුලස්ථානයට කඩාපැනීමට ගත් උත්සාහයත් සමඟය.


කෙසේ නමුත් මේ සම්බන්ධ හෙළිදරව් කිරීමක් අද (04)පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා විසින් කරනු ලැබීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහත දක්වා ඇත

එමෙන්ම "රටටම වණයක් වූ රාජපක්ෂ පවුල් වනය"කෘතිය මෙම සැබැඳියාවෙන් කියවීමට හෝ බා ගැනීමට හැකිය.

 

https://www.facebook.com/pages/Rajapaksha-Family-Tree/854111587968329

 

mangala-family-tree-1mangala-family-tree-2mangala-family-tree-3

 

ld add copy

Connet With Us