බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද නිවේදනය කළේය. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන්වරුන් වෙත අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දස දහසක පමණ සංඛ්‍යාවකට ලබාදීමට නියමිතව තිබු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකෙයකු වන මිල්ටන් මහතා ගේ මාදම්පේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 12.20 ට පමණ අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල කොට ඇත.

දෙවැනි වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිල්ටන් මහතා ගේ නිවසට සැතපුම් 4 කට පමණ දුරින් පිහිටි සුදේශ් ප්‍රියංකර මහතා ගේ නිවසටය. ප්‍රහාරයන් දෙකන්ම කිසිදු අයෙකුට තුවාල සිදුවී නෙමැති අතර දේපල අලාභ ද සිදුවී නැත.

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සිය කාර්යාලයේ බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා චීන ජනපති ෂී ජින්පිං හමුවීමට ඔහු පැළැඳගෙන ගිය කැඩුණු සපත්තුව හේතුවෙන් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්විය.

විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ භූමිකාව මෙගා ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතය හා සමාන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 
 
කොළඹදී ඊයේ(22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා  සිටියේය.

අද සවස 7.30 සිට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සටන වැඩසටහන නැරඹීම ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී සහ ඩයලොග් ටීවී චන්ද්‍රිකා රූපවහිනී චැනලයන් මඟින් අවහිර කිරීමට රෙජීමය විසින් කටයුතු කර තිබිණි.

 

ld add copy

Connet With Us