විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දිනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළි කරයි.

එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් (unp.lk ) එළි දක්වා තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින හොඳම පොදු අපේක්ෂකයා තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. 

isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන  ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.

යාල්දේවී දුම්රිය ප්‍රථම වරට යාපනය දක්වා ගමන් කිරීම හෙට(13) ආරම්භවීමට නියමිතව තිබේ. මෙසේ යාල්දේවිය යළි ගමන් අරඹන්නේ වසර 24 කට පසුවය.
කිසිදු හේතුවක් මත තම දරුවන් මේ දිනවල සබරගමුව විශ්වවිද්‍යාලය වෙත යොමුනොකරන ලෙස එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවත් ඒ වගේම කෝපයට පත්ව සිටින බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශ කර ඇත.

මීළඟ ජනාධිපතිවරණයේදී මැතිවරණ ලකුණ ලෙස අලියා ලකුණ වෙනස් කරන්න ඉඩ නොදෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

‘එ.ජා.පය අවසන් වරට තීන්දුවක් අරගත්තා එ.ජා.ප – එ.ජා.ප යම තමයි. ලකුණත් අලියා තමයි.එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ මහා සම්මේලනය, ජාතික විධායක සභාව මේ ගැන තීන්දුව අරගෙන ඉවරයි. මාත් ඉන්නේ ඒ ස්ථාවරයේ තමයි’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

 

ld add copy

Connet With Us