තමා රජයෙන් ඉවත් කිරීමට ඇතැම් බලවේග රහසිගතව ක්‍රියාත්මක වුවද එම කුමන්ත්‍රණ සාර්ථක නොවන බව පවසන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, තමා ආණ්ඩුවෙන් ඉවත්ව නොයන නමුත් ගැනීමට ඇති සියලුම දේශපාලන තීන්දු ඇතුළේ ඉඳන්ම ගන්නා බවත් එම තීන්දු ගැනීමේදී නැතිවන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් නොසිතන බවත් ආවධාරණය කර සිටී.

දිනුම් අංක සහිත ලොතරැයි ටිකට්පත් ව්‍යාජ ලෙස සකසා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගෙන් මුදල් වංචා කාරීමේ ජාවාරමක් පොලිසිය විසින් හෙලිකර ගෙන ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.

කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ ලබන වසර (2015) සඳහා වන රෝහල් පිරිසිදු කිරීමේ (ජැනිටෝරියල්) ටෙන්ඩරය රුපියල් මිලියන 2 ක අල්ලස්‌ මුදලකට යටත්ව දැනට එම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ලබාදී ඇති අකාර්යක්‌ෂම යෑයි චෝදනා එල්ල වී ඇති සමාගමකට ලබාදීමට නිර්දේශ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පරිපාලන නිලධාරිවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හපුතලේ පැවති ජන හමුමක් අමතමින් කීයා සිටියේ ආණ්ඩුව හම්බන්තොට මෙන් ඌව සංවර්ධනය කර නොමැති බවයි.

ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ වැඩසටහන සඳහා තුන්දහසක බලඇණියක් ලයිබිරියාවට යැවීමට අමෙරිකාව තීරණය කර ඇත.

චීන ජනපති ලංකාවේ

Published in පුවත්
Tuesday, 16 September 2014 11:35

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත වූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ld add copy

Latest News

Connet With Us