ලංකා ඉතිහාසයේ සුවිසල්ම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කලම්බෝ පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතින් උත්සවාකාරයෙන් ඇරඹිණ.

යුක්තිය සාධාරණය උදෙසා මාධ්‍යකින් සිදුවන මෙහවර අපරිමිත වනවා සේම යම් අවස්ථාවල එම මෙහෙවර අයුතු ලෙස භාවිතා වීමක් සිදුවීම කණගාටු දායක තත්වයකි. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසය වැටලීම වීඩියෝ සහිතව ලොවටම ප්‍රදර්ශනය කිරීම තුළ එය පැහැදිලි වේ. මෙම තරුණියන්ගේ රූප ප්‍රදර්ශනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මන්ද ගණිකා සේවයේ නියුතු තරුණ තරුණියන්ගේ රූප ඉදිරිපත් කිරීමට නොපැකිලව කටයුතු කළ මාධ්‍ය එම තත්වයට මග පෑදූවන්ගේ මුහුණු සැගවා අැති බැවිනි. මක් නිසාද යත් මෙවැනි නිවාස පවත්වාගෙන යා හැක්කේ සමාජය ඉදිරියේ බැටළු හම් පොරවා ගත් වෘකයන් ලෙසින් පෙනී සිටින ශුද්ධවන්තයින්ගේ ඇල්ම බැල්ම වැටුණහොත් පමණක් වන බැවිනි.

දුරකථන ජාලවලට සම්බන්ධ දුරකථන ඔස්සේ ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයන්ගේ පටිගත කළ දැන්වීම් හා ප්‍රචාරක කෙටි පණිවුඩ යැවීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවකි.

ළමා අයිතිවාසිකම් ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිඥා ලබාදෙන බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ (16දා) ප්‍රතිඥා ලබාදුන්නේය.

 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ තමන් ඒකාධිපති ලක්ෂණ සහිත නායකයෙකු නොවන බවයි. ඒ පිළිබද ඇතැමුන් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හමුදාවේ විනය පවත්වාගෙන යාම සඳහා දැඩිව ක්‍රියා කළ ද සිවිල් ජනතාව සමග දේශපාලනය කිරීමේදී එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත් පැවසුෙව්ය.

ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම අතැර ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා එක්වූ ලසිත් මාලිංගටත් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුව තිබේ.

07 හැවිරිදි සිය මිණිබිරිය දුෂණය කළ බව කියන 70 හැවිරිදි සියා කෙනෙකු මොරවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ කෙරුණි.

 

ld add copy

Latest News

Connet With Us