ඌව මහ ඇමති ධුරයට සන්ධානයෙන් තරඟ කල ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මනාපෙ ඉල්ලා භික්‌ෂුන් වහන්සේ නමකට පූජා කළ බෙහෙත් වර්ග අඩංගු තෑගි පාර්සලයක තිසර පටයක් තිබූ බව පවසමින් පුත්තලම් දිස්‌ත්‍රික්‌ක (එජාප) මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (23 දා) සභා ගැබෙහි තිසර පටයක් ප්‍රදර්ශනය කරමින් කතා කළේය.
සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.
ෆේස්බුක් හරහා තරුණියන් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවේ
ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා පවසයි.
නවි පිල්ලේ පත්කළ කමිටුවේ වාර්තාව 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවේදී
ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් නවි පිල්ලේ විසින් කමිටුවක් පත් කරන ලද කමිටුව විසින් සිදුකරන පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාවක් ලබන වසරේ මාර්තු මසදී ජිනීවා හී රැස්වන 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින් ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගණරත්න යන මහත්වරුන් විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 05 වැනිදා දෙවුන්දරින් ආරම්භ කළ ‘ඉවසුවා ඇති’ පා ගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධ නඩුව ලබන මාර්තු 23 වැනිදා දක්වා කල් තැබීමට මාතර මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.