කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසියාවේ ආකර්යක්ෂම ගුවන් තොටුපළ අතර එක්ව ඇති බව ගුවන් ප්‍රවාහන සමීක්ෂණ සංගමයේ 2014 ගොලීය ගුවන් තොටුපළ කාර්යක්ෂමතා ඇගයුම් වාර්තාව මගින් හෙළිව තිබේ.

''කලින් එකිනෙකාට විරුද්ධ වූ පාර්ශ්ව එකම පෙරමුණකට පැමිණ දැන් සූදානම් වන්නේ, ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රට භුක්ති විඳින නිදහස නැවත අහිමි කිරීමට'' බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, නිකවැරටියේ ඊයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සම්මේලනයකට සහභාගිවෙමින් පැවසිය.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දන්නා තොරතුරු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදෙන්නේ නම් එම අවස්‌ථාවේ සිට විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ පවසයි.

රාජපක්‍ෂ රෙජිමය විසින් මේ රටේ කෘෂි කර්මාන්තය 'කෘෂි කර්මයක්' බවට පත්කර ඇතිබව විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගල ආසනයේ එජාප සංවිධායක හා රෝහණ බන්ඩාරනායක මහතාගේ නිවසේ ඊයේ (27) පැවති එජාප ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් පැවසීය.

කොල්ලුපිටිය මුහන්දිරම් පාර අසල අහසට යවා තිබූ සරුංගලයක් පොලිසියේ මැදිහත් වීමෙන් ඊයේ  සවස හදිසියේ බාන්නට සිදු විය. ඒ එම සරුංගලය අහසේදී අරලියගහ මන්දිරය සීමාවට පැමිණීම හේතුවෙනි.

විශාදය රෝගයට (depression) විද්‍යුත් කම්පන ප්‍රතිකාරය නොමිලයේ ලබාදීමේ නවතම ක්‍රමවේදයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ‍ කෙරේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us