ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ.

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු කරමින් මෙරට ජාතික ගුවන් සේවය අන්තර්ජාතික තලයට ගෙන ඒමටත් වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමටත් මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම සූදානම්ව සිටින බව එම සමාගම නිවේදනය කරයි.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළකර තිබේ.

 

ld add copy

Connet With Us