යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසා සිටියි.

ශ්‍රී ලං ගුවන් සේවය මිලදී ගැනීම වෙනුවෙන් මෙරට ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් හයක් අභිලාෂ ඉදිරිපත් කර තිබේ.

මාර්තු මාසය සඳහා මෙරට උද්ධමනය සියයට 2. 5 දක්වා අඩු වී තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද  පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.

පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා එතරම් සාර්ථක නොවුණද ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි.

 

ld add copy

Connet With Us