කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

ගාල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරාපිටිය රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙම 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සියලු වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබේ.

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us