වසර 10කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර , එරට සිටින ශ්‍රී ලාංකික‍යන් පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ අනුව අද (11) දිනය වන විට ඊශ්‍රායලය තුළ සිටි ශ්‍රී ලාකිකයන් තිදෙනෙකු පිළිබඳ අවධානය යොමු කළ බව තානාපතිවරයා සඳහන් කරයි.

නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

දිවංගත අගමැතිනිය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23 වැනි ගුණානුස්මරණ පිංකම අද(10) දිනට යෙදී තිබුණි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති ණය දෙන්නා වන චීනයේ එක්සිම් බැංකුව මෙරට සමඟ මූලික ගිවිසුමකට එළඹ ඇති බව Bloomberg Newswires වාර්තාවක් පෙන්වා දෙයි.

මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us